Posts

මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

මාර කතාව 1 කොටස

Image
අම්මේ මටනම් බෑ ආයෙත් ඉස්කෝලෙ යන්න. අයියා කරන පිස්සු වැඩ හින්දා මම තමා හැමදාම සවුත්තු වෙන්නෙ. ඒ පාර මොකද්ද අයියා කරල තියෙන්නෙ? වෙන මොකද්ද ඉතින් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ගිහින් ඒ කෙල්ලගෙ කොල්ලගෙන් හොදටම ගුටි කාලා. ඉතිං උඹ අයියට ගහනකං බලා හිටියා? වෙන මොනා කරන්නද 10ක් විතර කට්ටිය ආවා; ඒ කොල්ලගෙ යාලුවො. මමත් ගුටි නොකා බේරුනේ අනූ නමයෙන්. කෝ දැං අයියා? යකෝ 10ක් එකතුවෙලා ගැහුවනම් කොල්ලට හොදටම අමාරු ඇතිනෙ? මොන අමාරුවක්ද ගුටි කාල ගුටි කාලම දැං උගෙ ඇඟ මී හරකෙක්ගෙ වගේ වෙලා. අන්න පල්ලෙහා වෙල ගාව නැවතුනා, පහල ගෙදර සුදු නැන්දා ලිදේ නානවා මම දැක්කා. නැන්දා නාලා ඉවර වෙනකං මිනිහ එන එකක් නෑ. අහවල් එහෙකටද ඌ එතනට වෙලා ඉන්නෙ? ඒකිට තනි රකින්නද? මම දන්නෙ කොහොමද? අයියා ආපුවහම අම්මම අහගන්න එකයි ඇත්තෙ... ............... ආ නැන්දේ නානව වගේ... නෑ බං මම මේ දර පලනවා... නැන්දත් ඉතිං අපිට තමා නෝන්ඩිය දාන්නෙ.. හරි හරි අපි ඉන්නවට අකමැති ඇතිනෙ.. ඔන්න එහෙනම් අපි ගියා... ඉතිං උඹ ගොං ප්‍රශ්ණනෙ බං අහන්නෙ.. ලිඳට ඇවිල්ලා නාන්නෙ නැතුව වෙන මොන කෙංගෙඩියක් කරනවද බං. මොකද බං ඔය දූවිලි නාගෙන? උඹ වැඩට ගිහිං මොනඩ කරෙ? මී හරක...

ඇංජලෝ - ස්ටේලිඕන් මෝටර් රථයේ කතාව...04

Image
දෙවනි දිගහැරුම දෙවන කොටස ඇගේ නම රොබෙර්ටා ෆොර්ඩ් ය. (ඇය ෆොර්ඩ් පවුලට කිසිදු සම්බන්ධයක් නැත.). මීට දෙවසරකට පෙර ඇගේ සැමියා රෝස්, මෙලව හැර ගියේ ඇයට සැලකියයුතු ධනයක් ඉතිරිකර තබමිනි. එය එසේ වීම ඉතා සාධාරණ විය. ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ඔහුගේ සාර්ථකත්වයේ සෑම පියවරක් පිටිපසම ඇය සිටියාය. ඇය හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ විශාරධ උපාධියකටද හිමිකම් කීවාය. ඇත්ත වශයෙන්ම එම දස්කම දැක්වූ ලෝකයේ මුල්ම කාන්තාවන් කණ්ඩායමේ සාමාජිකාවකි ඇය. ඇය අලෙවිකරණය පිලිබඳ සුවිශේෂ දක්ෂතාවක් සහිත කාන්තාවක් විය. එනිසාම ඇය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට යොමුව සිටියාය. ඇය කෙතරම් දක්ෂ වීද යත් වසර පහක් පුරාවටම සෑම වසරකම ඩොලර් මිලියනය ඉක්මවා දේපළ වෙළඳාම් කිරීමට ඇයට හැකියාව ලැබී තිබුණි. වසර හතරකදීම ඇගේ ආධායම ඩොලර් 75,000 ඉක්මවා තිබුණි. එවන් පසුබිමකදීය ඇයට රොස් මුණ ගැහුනේ. ඇය ඇගේ අනාගත් සැලසුම් සියල්ල හකුලාගෙන රෝස් හා විවාහ විය. විවාහයෙන් වසරකට පසු, ඇගේ සැමියාගේ ආයතනයේ එක් ශාකාවකින් ඉතා විශාල මුදල් වංචාවක් හසුවිය. ඇගේ සැමියා හා ඔහුගේ ව්‍යාපාරික සහකරු සූදානම් වූයේ එය අමතක කර දමා ඉදිරියට යාමටයි. නමුත් රොබෙර...

ඇංජලෝ - ස්ටේලිඕන් මෝටර් රථයේ කතාව...03

Image
දෙවනි දිගහැරුම පළමු කොටස ලෝරන් හාර්ඩ්මාන්, තමා ඉතා වාසනාවන්තයෙකු බව දැන සිටියේය. ආයතනය මේ වනවිට තිබුනේ ඔහුගේ පාලනයේය. ඔහුගේ සීයා, පළමුවැන්නා ෆාම් බීචයට පසු බැස සිටියේය. වරින් වර ඔහුගේ අතපෙවීම් තව දුරටත් සිදු වූවත්, ආයතනයේ දෛනික පරිපාලනය ලෝරගේ අධීක්ෂණය යටතට බොහෝදුරට පත්වී තිබුණි. පළමුවැන්නාගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ආයතනය තවදුරටත් මෝටර් රථ නිෂ්පාදනය පවත්වාගෙන යා යුතු බවයි. එනිසා අති පැරණි සන්ඩාන්සර් රථය තවදුරටත් ආයතනය මගින් නිපදවමින් තිබුණි. නමුත් එය එතරම් කලකට නොවනු ඇතිබව ලෝරන්ස් තරයේ විස්වාශ කලේය. එයටත් වඩා ලොරන්ස්ගේ එනම් තෙවැන්නාගේ සිත් ගත්තේ තව දුරටත් ඇංජලෝගේ අත පෙවීම් නොමැති වීමයි. ඔහු ඩෙට්‍රොයිටයට පවා ආවේ ගියේ ඉතා කලාතුරකිනි. ආයතනයේ කටයුතුවලට කිසිදු අතපෙවීමක් නොකරන ලෙසට ඇංජලෝට පළමුවැන්නාගෙන් දැඩි නියෝගයක් ලැබී තිබුණි. කොටස් ලක්ෂ දෙකක් හිමියෙකු ආයතනයෙන් සම්පූර්ණයෙන් ඈත්කර තැබීම එතරම් පහසු කටයුත්තක් නොවූවත්, පළමුවැන්නාට එරෙහිවීමට තරම් ඇංජලෝ මෝඩයෙකු නොවන වග තෙවැන්නා මනාම දැන සිටියේය. පළමුවැන්නා දක්ෂයෙක් මෙන්ම තදයෙකුද විය. පෙරීනෝගෙන් වැඩගත් ඔහු අවසානයේ ඒ ඉතාලියානු ...

ඇංජලෝ - ස්ටේලිඕන් මෝටර් රථයේ කතාව...02

Image
වර්තමානය පලමු දිග හැරුම.... ඇංජලෝගේ පියා, වෛද්‍ය ජෝන් පෙරීනෝ මහතා සිය රතු වයින් වීදුරුව එසවූයේ සව්දිය පිරීමකටය. ඔහු හා කෑම මේසයට එක්ව සිටියේ ඔහුගේ බිරිඳ ජෙනී පෙරීනෝ මහත්මිය, ඇංජලෝ හා සින්ඩි මොරිස් මෙනවියයි. "ඇංජලෝ, සින්ඩි මම ඔයාලට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා." වෛද්‍යවරයා පැවසුවේය. "ඇංජලෝ, ඔයාව රස්සාවෙන් අස් කරපු එක හොඳ දෙයක් විදියටයි මමනම් දකින්නෙ. හාර්ඩ්මන්ල වෙනුවෙන් ඔයා නාස්ති කරපු කාලය හොඳටම ඇති. තුන්වෙන්නාත් එයාගෙ සීය, පළවෙන්නා වගේම මහ කුහක මිනිහෙක් විදියටයි මම නම් දකින්නෙ. ඔයා එයාලගෙන් ගැලවෙච්චි එක ලොකුම ලොකු දෙයක්". "ඒක නම් ඇත්ත." ඇංජලෝද කතාවට හවුල්වෙමින් කීවේය. ඔහු වයින් පානය කලේ මුඛයේ එක් පැත්තක් පමනක් භාවිතා කරමිනි. මැර ප්‍රහාරයේ ප්‍රථිපලයක් ලෙසට බිඳුනු ඔහුගේ වම් හක්ක තවමත් රැඳී තිබුනේ වෛද්‍යවරුන් යෙදූ වයර් මඟිනි. වම් තොලද තිබුනේ ඉදිමී, තඩිස්සිවීය. "අම්මේ, තාත්තේ... අපි තීරණය කලා විවාහ වෙන්න." සින්ඩි පැවසුවේ තවත් සව්දිය පිරීමකට මුල පුරමිනි. ජෙනී පෙරීනෝගේ කම්මුල දිගේ සතුටු කඳුළු වැගිරුනි. උපතින් කතෝලික තරුණියක...

ඇංජලෝ - ස්ටේලිඕන් මෝටර් රථයේ කතාව...01

Image
  හැරල්ඩ් රොබින්ස් මහතාගේ "the stallion" නවකතාවේ අනුවාදනයකි. පෙර කතාව එය 1939 වසරේ ග්‍රීස්මයේ එක්තරා දිනයකි. ස්ථානය ඩෙට්‍රොයිටයේ එකතරා උද්‍යානයකි. හැට වියැති ලෝරන් හාර්ඩ්මන් මහතා හෙදියකගේ උදව්වෙන් තල්ලුවන සිය රෝද පුටුවේ සිට උද්‍යානය හරහා ගමන් කරමින් සිටියේය. ඔහුගේ නෙත ගැටුනේ සිය සෙල්ලම් කාරය පදවමින් සිටි අට හැවිරිදි ඇන්ජලෝවයි. මෙම හුරුබුහුටි සෙල්ලම් කාරය කුඩා දරුවාගේ සීයා විසින් ඉතාලියේදී විශේෂයෙන් ඔහු වෙනුවෙන්ම නිපදවා නිපදවා එවන ලද්දකි. ලොරන් මහතා නිරීක්ෂණය කලේ දරුවා කොතරම් උත්සාහ කලත් සෙල්ලම් කාරය ඉතා කුඩා කන්දක්වත් තරණය කිරීමට සමත් නොවන වගයි. "මේක මට හදන්න පුලුවන්." ලොරන් මහතා තමාටම කියා ගත්තේය. ඉන් නොනැවතුනු ඔහු සටහන් පොතක් ගෙන සෙල්ලම් කාරයට වඩා සුදුසු ට්‍රාන්ස්මිශන් පද්දතියක් එහි සටහන් කලේය. රෝද පුටුවේ සිටින මෙම වයසක පුද්ගලයා රටේ හතරවන විශාලතම මොටර් රථ නිශ්පාදන ආයතනයේ එනම් බෙත්ලෙහෙම් මෝටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා වග කුඩා ඇන්ජලෝ දැන සිටියේ නැත. බෙත්ලෙහෙම් ආයතනය නිර්මාණය කල ඔහු එය ප්‍රවෙණි දාසයන් පාලනය කරන නින්දගම් හිමියෙකුසේ දැඩි අයෝමය හස්ථි...