මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

මාර කතාව 1 කොටස




අම්මේ මටනම් බෑ ආයෙත් ඉස්කෝලෙ යන්න. අයියා කරන පිස්සු වැඩ හින්දා මම තමා හැමදාම සවුත්තු වෙන්නෙ.
ඒ පාර මොකද්ද අයියා කරල තියෙන්නෙ?
වෙන මොකද්ද ඉතින් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ගිහින් ඒ කෙල්ලගෙ කොල්ලගෙන් හොදටම ගුටි කාලා.
ඉතිං උඹ අයියට ගහනකං බලා හිටියා?
වෙන මොනා කරන්නද 10ක් විතර කට්ටිය ආවා; ඒ කොල්ලගෙ යාලුවො. මමත් ගුටි නොකා බේරුනේ අනූ නමයෙන්.
කෝ දැං අයියා? යකෝ 10ක් එකතුවෙලා ගැහුවනම් කොල්ලට හොදටම අමාරු ඇතිනෙ?
මොන අමාරුවක්ද ගුටි කාල ගුටි කාලම දැං උගෙ ඇඟ මී හරකෙක්ගෙ වගේ වෙලා. අන්න පල්ලෙහා වෙල ගාව නැවතුනා, පහල ගෙදර සුදු නැන්දා ලිදේ නානවා මම දැක්කා. නැන්දා නාලා ඉවර වෙනකං මිනිහ එන එකක් නෑ.
අහවල් එහෙකටද ඌ එතනට වෙලා ඉන්නෙ? ඒකිට තනි රකින්නද?
මම දන්නෙ කොහොමද? අයියා ආපුවහම අම්මම අහගන්න එකයි ඇත්තෙ...
...............
ආ නැන්දේ නානව වගේ...
නෑ බං මම මේ දර පලනවා...
නැන්දත් ඉතිං අපිට තමා නෝන්ඩිය දාන්නෙ.. හරි හරි අපි ඉන්නවට අකමැති ඇතිනෙ.. ඔන්න එහෙනම් අපි ගියා...
ඉතිං උඹ ගොං ප්‍රශ්ණනෙ බං අහන්නෙ.. ලිඳට ඇවිල්ලා නාන්නෙ නැතුව වෙන මොන කෙංගෙඩියක් කරනවද බං. මොකද බං ඔය දූවිලි නාගෙන? උඹ වැඩට ගිහිං මොනඩ කරෙ? මී හරක් පට්ටියක් ආම්බාම් කලාවත්ද?
පොඩි කේස් එකක් සෙට් උනා නැන්දෙ.. දන්නැද්ද ඉතිං..
දන්නව දන්නවා උඹේ පොඩි කේස්. එකත් එකටම කෙල්ලෙක්ගෙ පටලැවිල්ලක් වෙන්න ඇති.
ඒ වගේ එකක් තමා.
 පිටේ සබං ටිකක් ගාල දෙන්නද?
සබං ගාලා ගොඩක් වෙලා බං. තව බාල්දි දෙකක් දාගෙන මම යන්නයි හැදුවෙ.
මොනාද අප්පා... උදව්වක් කරන්න හදනකොට ඔහොම කපා හරින එක හරිද මම අහන්නෙ?
අනේ උඹේ උදව්. මම දන්නෙනැතුවයැ ඒවයෙ වග. හරි කමක් නෑ. හැබැයි ඉක්මන් කරපන්. කවුරුවත් ආවොත් වස ලැජ්ජාවයි. අනික පිට විතරයි; පිටෙන් පිට බෑ. තේරුනාද?
හරි හරි තේරුනා. කෝ ඉතිං රෙද්ද පහලට කරන්නකො.
ඔය ඉතිං උඹ කරන්නෙ එපා කියන දේමනෙ.
හරි හරි තව පොඩ්ඩක් පහලට කරන්නකො අප්පා.
පිස්සුද බං. මට පරක්කුත් වෙනාවා. හරි හරි ඔන්න. ඉක්මං කරලා සබං ගාපං.

උඹේ පිස්සු වැඩ නිසා මට තමා පරක්කු වෙන්නෙ. බලපං පිට කියලා උඹ ඇඟ පුරාම ආපහු සබං ඇතිල්ලුවනෙ.

හරි ඉතිං. මම වතුර ඇදල දෙන්නංකො උඹට නා ගන්න.
ඒකෙං කමක් නෑ. උඹත් නා ගන්නවනං ඉක්මනට නා ගනිං. මාත් එක්කම ගිහෑකි එතකොට.
දැං බෑ අප්පා. මම හවසට ඇවිත් නා ගන්නවා.
එහෙනං මෙන්න මේ රෙදි ටික ගනිං. අප්පා හොඳටම පරක්කු උනා.

ඉතිං උඹ කිව්වෙ නෑනෙ කොයි කෙල්ල හින්දද ගුටි කෑවෙ කියලා.
ආ.. ඒකද ඒක එච්චරම වැදගත් කේස් එකක් නෙමෙයි. අර පහල ගං ගොඩේ ශ්‍රීමාලි. එකිගෙං මං යාළු වෙන්න ඇහුවා, ඒක ඒකිගෙ කොල්ලට ආරංචිවෙලානෙ.
ඉතිං උඹ දැනගෙන හිටියෙ නැද්ද ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා?
දන්නවා..දන්නවා..
යකෝ උඹ මාර බඩුවක්නෙ. ඉතිං දැන දැනම ඇහුවෙ උඹට පයිත්තියන්ද?
මම හිතුවෙ නෑනෙ මෙක ඌට ආරංචි වෙයි කියලා. කෙල්ලත් මට ලාවට කොමලෙ පාර දැම්මනෙ අප්පා. ඒකි හරියට හිංදි නිලියක් වගේ හැඩකාරි. ඉතිං ගොඩ දා ගත්තනං කල්ලමරේ කියල මට හිතුනා.
ඉතිං කවුද ඌට උඹ අහපු වග කියලා තියෙන්නෙ? කෙල්ලමද?
මට හිතෙන්නෙ කෙල්ලගෙ යාලුව කියලා. ඒකි මහ නසරානි එකියක්. මම කලිං ඒකිගෙනුත් අහල තියෙනවා යාළු වෙන්න.
උඹ ඉතිං අහපු නැති එකියක් මේ දිස්ත්‍රික්කෙම නැතුව ඇතිනෙ. මදෑ ගුටිකාල විතරක් පණ බේරගෙන ආව. දැං ඉතිං වෙන කෙල්ලක් හොයා ගනිං, ආයෙ පස්සෙං යන්න. උඹට කෙල්ලෙක් හරි ගියොත් මටත් හොඳයි බං. නැත්තං උඹේ සබං ගෑවිල්ලට මගෙ පිටත් හමයයි ලඟදිම.
...........
පසුදා පාන්දරම මෝ

"වසන්ත අයියේ... ඔයාට අමාරුවක් නෑ නේද?"
"ඔයත් මාර ප්‍රශ්ණ තමා අහන්නෙ නංගියො. ඊයෙ ගුටි කාපු තැං තාම ඇදුං කනවා. මොනව කරන්නද නංගිය නිසා මම හැම දේම ඉවසනවා."
"ඉතිං අයියෙ ඔයා මම ජගත් එක්ක යාළු බව දැන දැනම මා පස්සෙ ආවෙ? මම ඔයාට කිව්වනෙ මට කොල්ලෙක් ඉන්නව කියලා? හා නැද්ද? ඉතිං අයියෙ දැංවත් මේ පිස්සු වැඩ නවත්තල හොද ළමයෙක් වෙන්න බලන්නකො. ඔයාට අමාරු ඇති කියල හිත හිත ඉඳල මට ඊයෙ රෑ නිංද ගියෙත් නෑ. මම හිංදනෙ මේ ඔක්කොම කියල හිතෙනකොට මට වාවන්නෙ නෑ."

"හරි නගෝ. ඔයා හිංද තමා මට මේ විදියට ගුටි කන්න උනේ. ඔයා ඔහොම කිව්වට මම කොහොමද මගේ හිතට ආපු ආදරේ හංගගෙන ඉන්නෙ. මට එහෙම පුරුදු නෑ. මම වරදක් කරා නං මට සමා වෙන්න සුදු නංගියො. මම ආපහු ඔයා ඉන්න පැත්තෙන්වත් නොයා ඉන්නම්කො. හැබැයි ඉතිං ඔයාට ආදරේ කරන එකනම් නවත්තන්න කියල කියන්න එපා. මම මැරෙනකම්ම ඔයාට ආදරේ කරාවි. ඒ අවංක ආදරේ හිතේ තියාගෙන මම හැමදාම තනියෙම ඉන්නම්."

"ඔයානම් හරිම නෝටි ළමයෙක් වසන්ත අයියෙ. ජගත් දැනගත්තොත් එහෙම අපි මෙහෙම කතා කර කර ඉන්නව කියලා මාව මරයි."

"ඌට දැන ගන්න විදියක් නෑනෙ සුදූ. අද අර උඩැක්කිය ඇවිත් නෑනෙ."

"මොන උඩැක්කියද?" ශ්‍රීමාලි විමසුවේ සියුම් සිනාවක්ද මුවඟ රඳවාගෙනය.

"ඔයාගෙ යාලුව.. අර චේතනාද කව්ද කියන එකී. මම ඒකිගෙන් අහන්නෙ නැතුව ඔයාගෙන් ඇහුව කියල තමා ඕකි ඔච්චර තරහ."

"අනේ එයාට එහෙම කියන්න එපා අයියෝ. එයා හරි හොඳයි. එයානම් කිව්වෙ ඔයා එයාගෙන් අහල එයා අකමැති උනා කියලයි."

"හරි... ඒ උනාට මම දෙපාරක් අහන්න ගියෙ නෑනෙ ඒකිගෙන්. දෙවෙනිපාර ඇහුවනම් සුවර් හා කියනවා."

"අනේ යන්න අයියෙ යන්න. එයාට ගෙදරින් මගුලක් කතා කරලයි තියෙන්නෙ. අද එනවලු එයාව බලන්න. ඒකයි අද එයා ඇවිත් නැත්තෙ."

"අපොයි අසරණය! ඒකිට කරගහන එකාට ඉතිං දෙවියන්ගෙම පිහිට තමා"

ශ්‍රීමාලී කිසිවක් නොකීවත් ඇගේ මුහුනේ ඉරියව් අනුව ඇය කෝප නොවූ බව වසන්ත වටහා ගත්තේය.

"අරූ කොහෙහරි ගිහින්ද?" ජගත් රහසින් මෙන් ඇසුවේය.

"කවුද අරූ කියන්නෙ?"

"ජගත. ඔයාගෙ මහලොකු බෝයි ෆ්‍රෙන්ඩා"

"අයියෙ..ඔන්න ඕවට නම් එන්න එපා හොඳේ. එයාට එහෙම කියනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ හරිද. එයා අද ඉන්ටර්වීව් එකකට කොළඹ ගියා."

"හරි හරි..." ඔයාට ඌව ලොකු උනාට මට ඌ සතුරෙක්නෙ නංගි. ඉතිං මම ඌට එහෙම කතා කරන්න අයිතියක් තියෙනවා කියන එක ඔයා පිළිගන්න ඕනි. හරිද"

"මම දන්නෙ නෑ. ඒව ඔයා එයා ආපුවහම එයා එක්කම බලා ගන්න. මම දැං යන්න ඕනෙ. කවුරු හරි දැක්කොත් මම ඉවරයි."

"මේ පාංදර කවුරුවත් මේ පැත්තට එන්නෙ නෑ නගෝ. ඒ ගැනනම් ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම කියන්නද වැඩක්. අපි පොඩි ගමනක් යමු. ගිහිං පොඩ්ඩක් වෙන්න කතා කර කර ඉමු. මම දන්න නියම පොට් එකක් තියනවා මේ ළඟම. හරිම නිස්කලංකයි. කවුරුවත්ම එන්නෙ නෑ."

"ඔයාට පිස්සුද නැත්නං හැටිද අය්යෙ?"

"පිස්සු තමා නංගි. මම ඔයා ගැන පිස්සු වැටිල ඉන්නෙ. මගෙ පිස්සුව හොඳ කරන්න පුලුවන් ඔයාට විතරමයි"

"පිස්සු හොඳ කරන්න මම දොස්තර කෙනෙක් නෙමෙයිනෙ වසන්ත අයියෙ! ඔයා ගිහින් හොඳ දොස්තර කෙනෙක් හම්බ වෙන්න. එයාට පුලුවන් වෙයි ඔය පිස්සුව හොඳ කරල දෙන්න"

වසන්ත දුක්බර මුහුණක් ආරූඩ කර ගත්තේය. බැලූ බැල්මට ඔහු සිටියේ හැඬීමට ආසන්නවය.

"ඔයා මගෙ අවංක ආදරේ විහිලුවකට ගත්තා නේද ශ්‍රීමාලි නංගි. හරි කමක් නෑ. මම යන්නම්. ඔයා අමතක නොකර හෙට මගෙ මළ ගෙදරට එන්න; හරිද." වසන්ත බිම බලාගෙන ශ්‍රීමාලිගෙන් ඉවතට පා නගන්නට විය.

"වසන්ත අයියේ!!!!!" ශ්‍රීමාලි කීවා නොව කෑ ගැසුවාය. පැහැදිලිවම ඇයගේ කටහඬේ තිබුනේ තැති ගැන්මකි.

"මම විහිලුවටනෙ කිව්වෙ වසන්ත අයියෙ. ඔයාට ඔච්චරටම සීරියස් ගන්න දෙයක් නෑනෙ වසන්ත අයියෙ. ඔයාට තේරෙනවනෙ ඔයා කියන විදියට මට එහෙම ගමන් යන්න බෑ කියල. වැඩ කරන තැනෙනුත් හොයයි මම කොහෙද කියල. ජගත්ගෙ යාලුවොත් හැම තැනම. මටත් වඩා ඔයාට ප්‍රශ්ණයක් වෙයි කියලයි මට බය. තේරුනාද?"

"හරි හරි සුදූ. මට තේරෙනවා. ඒත් මම කිව්වනෙ මම ඔයාට එන්න කියන් තැන ගැන කවුරුත් නොදන්න බව. ඔයා පොඩ්ඩක්වත් බයවෙන්න එපා. මම ඔයාව මලක් වගේ පරිස්සම් කරන්නම්. එන්නකො යන්න. ආයෙත් ඔයාට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියලා මම පොරොන්දු වෙන්නම්. " සෙමෙන් සෙමෙන් ශ්‍රීමාලී දෙසට හැරුණු ඔහු ලාවට ඇගේ අතක් අල්ලා ගත්තේය. ඇය සිටියේ උගතෝකෝටියකට මැදිවීය. එනිසා ඔහුගෙන් අත මුදා ගැනීමටවත් ඇයට සිහියක් නොවීය.

ඇය ගැටලුව ලිහා ගැනීමට කල්පනා කරන අතර ඇගේ දෙගිඩියාවෙන් ප්‍රයෝජන ගත් වසන්ත, ඇයව ඔහුගේ මොටෝ සයිකලයට නංවා ගත්තේය. පාන්දර මංදාලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඉටාගත් ඔහු, තවමත් හරි හැටි එළිය නොවුනු කැලෑ පාරක් දිගේ පවනට බඳු වේගයේ තම මෝටෝ සයිකලය ධාවනය කරන්නට විය.

Comments

Popular posts from this blog

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

මටම මෙහෙම උනානේ!!

අනේ අපොයි!!