Posts

Showing posts with the label sad story

මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

අනේ අපොයි!!

Image
මේ බොහොම සතුටින් ඉන්න පවුලක ඡායාරූපයක් නේ ද? හැබැයි මේ වෙනකොට මේ ප්‍රීතිමත් පවුලෙන් එකම එක්කෙනෙක්වත් ජීවතුන් අතර නෑ. එයාල හැමෝම එකම දවසෙ, එකම වෙලාවෙ හරිම අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමු ගත්ත. මේ පුංචි, ප්‍රීතිමත් පවුල විනාශ කරේ 2019 අප්‍රේල් මාසෙ, 21 වැනි දා ඒ කියන්න පාස්කු ඉරිදා දවසෙ කටාන, කටුවපිටිය දේවස්ථානයේ සිදුවෙච්ච අධිබලැති බෝම්බ පිපිරීම නිසා. මේ ගොල්ල ජීවිතයෙන් සමුගන්න කරපු වැරැද්ද තමා ඉරිදා උදෑසන පැවතිච්ච දේව මෙහෙයට සහභාගී වීම. මේ විදියට තවත් අහිංසකයෝ කීදෙනෙක් නම් ඒ අවාසනාවන්ත ඉරිදා දවසේ තමන්ගෙ ජිවිත වලින් සමු ගන්න ඇද් ද? ඒ හැමෝම යම් පවුලකට සම්බන්ධ මෙලා ඉන්න ඇති. මේ වියෝවන් නිසා ඒ ගොල්ලන්ගෙ පවුල්වල ඈයො කොතරම් නම් වැලපෙන්න, කඳුළු හෙලන්න ඇද්ද? ඒ මොන දේවල් කලත් ඉතිං මේ කිසිම ක්නෙකුට පණ දෙන්න කිසිම ජගතෙකුට බෑනෙ. අපි හැමෝම, විශේෂයෙන් රජය හා ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව ගැන දක්වල තියෙන සැලකිල්ල ප්‍රමාණවත් නෑ කියන එක තමා මගේ නම් හැඟීම. එහෙම වැඩ පිළිවෙලක් තිබ්බනම් මෙහෙම දේවල් වෙන්නෙවත්, මේ වගේ ලස්සන පවුල් ඒකක අපේ රටට අහිමි වෙන්නෙවත් නෑනෙ.