Posts

මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී!! ක

ඇගෙත් මගෙත් කතාව! තෙවන දිගහැරුම....

Image
මෙම කතාවේ පෙර කොටසට මෙතනින් පිවිසෙන්න. ඇගේත් මගේත් කතාව තෙවන දිගහැරුම රචනය - සෑම් ගිය පයින්ම මෙන් ආපසු එන මා දුටු අම්මා පුදුමයට පත්ව මා දෙස බැලුවාය. මේ මිහිමත සිටින මා ප්‍රියකරන හා මා අගය කරන එකම කාන්තා ප්‍රාණය වූයේ ඇයයි. වෙනත් කාන්තා ප්‍රාණයක් නිසා මා වෙත ළඟාව තිබූ අවාසනාව පවසා ඇගේ සිත රිදවීමට හෝ චංචල කිරීමට අට අවශ්‍ය වූයේ නැත. එනිසා අම්මාව මග හරිමින්, වෙනතක් බලාගෙන හොර බළලෙකු මෙන් මා නිවස තුලට පිවිසියෙමි. මාගේ සෑම පියවර්ක ඇගේ තියුණු දෙනෙතින් ඉතාම ළඟින් නිරික්ෂණය කරන බව මට ඉවෙන් මෙන් වැටහී ගියේය. එය ගණනකට නොගත් මා තරප්පු පෙලට පිවිසියේ මාගේ කාමරයට ඇතුළු වී සිද්ධ වී තිබූ විනාශය පිළිබඳව, මා හට ලඟා වූ අවාසනාව හා එයට වගකිවයුතු වූ අර අර කාලකණ්ණි කෙල්ල පිළිබඳව හා ඇයගෙන් පලිගන්නා ආකාරය පිළිබඳව හොඳින කල්පනාකර නිවැරදි සැලසුමක් පිලියෙල කිරීමටයි. මටද නොදැනුවත්වම නිදි දෙව්දුව මා වෙතට පැමිණ තිබුණි. මා අවදි වූයේ අම්මා පැමිණ දිවා ආහාරයට මා කැඳවාගෙන යාමට අමතද්දීය. පහත මාලටය පැමිණි මා නිස්ශබ්ධවම කෑම කන්නට වීමි. "මොක ද ළමයො අද වේලාසනින්ම ගෙදර ආවෙ?" මා කෑම කා නිමාවන විටම අම්මා

අනේ අපොයි!!

Image
මේ බොහොම සතුටින් ඉන්න පවුලක ඡායාරූපයක් නේ ද? හැබැයි මේ වෙනකොට මේ ප්‍රීතිමත් පවුලෙන් එකම එක්කෙනෙක්වත් ජීවතුන් අතර නෑ. එයාල හැමෝම එකම දවසෙ, එකම වෙලාවෙ හරිම අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමු ගත්ත. මේ පුංචි, ප්‍රීතිමත් පවුල විනාශ කරේ 2019 අප්‍රේල් මාසෙ, 21 වැනි දා ඒ කියන්න පාස්කු ඉරිදා දවසෙ කටාන, කටුවපිටිය දේවස්ථානයේ සිදුවෙච්ච අධිබලැති බෝම්බ පිපිරීම නිසා. මේ ගොල්ල ජීවිතයෙන් සමුගන්න කරපු වැරැද්ද තමා ඉරිදා උදෑසන පැවතිච්ච දේව මෙහෙයට සහභාගී වීම. මේ විදියට තවත් අහිංසකයෝ කීදෙනෙක් නම් ඒ අවාසනාවන්ත ඉරිදා දවසේ තමන්ගෙ ජිවිත වලින් සමු ගන්න ඇද් ද? ඒ හැමෝම යම් පවුලකට සම්බන්ධ මෙලා ඉන්න ඇති. මේ වියෝවන් නිසා ඒ ගොල්ලන්ගෙ පවුල්වල ඈයො කොතරම් නම් වැලපෙන්න, කඳුළු හෙලන්න ඇද්ද? ඒ මොන දේවල් කලත් ඉතිං මේ කිසිම ක්නෙකුට පණ දෙන්න කිසිම ජගතෙකුට බෑනෙ. අපි හැමෝම, විශේෂයෙන් රජය හා ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව ගැන දක්වල තියෙන සැලකිල්ල ප්‍රමාණවත් නෑ කියන එක තමා මගේ නම් හැඟීම. එහෙම වැඩ පිළිවෙලක් තිබ්බනම් මෙහෙම දේවල් වෙන්නෙවත්, මේ වගේ ලස්සන පවුල් ඒකක අපේ රටට අහිමි වෙන්නෙවත් නෑනෙ.

මේ ගැනත් හිතන්න

Image
මේ පිංතූරෙ ඉන්නෙ ක්‍රිස් වොට්ස්, ඔහුගේ බිරිඳ ෂැනොන් වොට්ස් හා ඔවුන්ගේ දරු දෙදෙනා වන බෙල්ලා හා සෙලෙස්ටා. බැලූ බැල්මටම ඔවුන් බොහොම සතුටින් ඉන්න පවුලක් වගේනේ ද පෙනෙන්නෙ. නමුත් ඇත්ත ඊට වඩා ගොඩාක් තිත්තයි. පසුගිය අගෝස්තුවෙදී ක්‍රිස් එයාගෙ බිරිඳයි දරු දෙදෙනාවයි අමානුෂික විදියට මරා දැම්මා. ක්‍රිස්ට තිබිලා තියෙනවා අනියම් සම්බන්ධතාවයක්. ඔහුම පොලීසියට කියලා තියෙන විදියට ෂැනොන් අතුරුදහන් වෙන්න කලින් දවසෙදී ඔහු ෂැනොන්ගෙන් දික්කසාදය ඉල්ලලා තියනවා. ඊට පස්සෙ මේ අපූරු පෙනුමට ඉන්න තාත්තා එයාගේ බිරිඳවයි දරුවන්වයි හුස්ම හිර කරලා මරලා. මේ නරුම තාත්තා එතනින් නැවතිලා නෑ. දරුවන්ගෙ මළ සිරුරු තෙල් ටැංකියකට දමාපු මෙයා බිරිඳවත් වළලලා.  මේ විදියට වැළලෙද්දී මේ අහිංසක කාන්තාව සති 15ක ගැබිණියක්වෙලා හිටයා කියලත් මේ වෙද්දී හෙලිවෙලා තියෙනවා. අනේ ඉතිං මේ නරුමයාට පුළුවං වෙලා තියෙනවානෙ එයාගෙ නියම ස්වරූපය නොපෙන්නා මේ අහිංසකයන්ගෙ විස්වාශය දිනාගෙන අවුරුදු ගණනාවක්ම ඔවුන්ගෙ ආදරය විඳිමින් ඉන්න. මිනිස්සු තමන්ගෙ නියම ස්වරූපය පෙන්වන්නෙ නැතුව බැටළු හම් පොරවාගෙන, අහිංසක මූණක් ලෝකෙට පෙන්වන්න හරිම දක්ෂයි. සමහරවිට අපි ගොඩාක් විස්

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

Image
ඇගෙත් මගෙත් කතාව.....පලමු දිගහැරුම... මෙතෙක් කියවා නැතිනම් මෙතැනින් කියවන්න ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම රචනය - සෑම් පසුවදා මා පාසලට ඇතුළුවන විටම මාගේ අතිජාත මිත්‍රයන් දෙදෙනා මා හමුවේ පෙනී සිටියහ. "ගුඩ් මෝර්නිං මචං" සුරා පැවසුවේ කටපුරා ඉතිරෙන සිනාවක්ද සමඟිනි. මේනකයා ද එලෙසම ප්‍රතිචාර දක්වමින් මා පිලිගත්තේ ය. "අපි අරක කාටවත් කිව්වෙ නෑ. " දෙදෙනාම එකවර පවසා සිටියේ මා කිසිවක් පවසන්නට පෙරමය. මා තවදුරටත් කේන්තියෙන් පසු වූවත් මාගේ අතිජාත මිත්‍රයන් දෙදනාට කිසිවක් නොපවසාම පන්තියට ගොඩවීමි. රැගෙන ආ පොත්ටික මේසය උඩින් තැබූ මා පන්තියෙන් එලියට පිවිසියෙමි. මිත්‍රයෝ දෙදෙනාද නැට්ට මෙන් මා පසුපසමය. තරමක් ප්‍රමාධ වී පාසලට පැමිණි හෙයින් මාගේ අනිකුත් සඟයන් මේ වනවිටත් පිට්ටනියට ගොස් සිටියහ. වර්ශාව නොමැතිනම්, සෑම දිනකම පාහේ අප දවස ඇරඹුවේ පිට්ටනියෙනි. ඒ දිනවල අපේ ජනප්‍රියම ක්‍රීඩාව වී තිබුනේ ෆුට්බෝල් ගැසීමයි. එයට සුදුසු ෆුට්බෝලයක් අප සතුව නොමැති වූවත් ඒ අඩුව ටෙනිස් බෝලයකින් සපුරා ගන්නට අප පුරුදුව සිටියෙමු. කෙසේනමුත් එදින නම් ෆුට්බෝල් ක්‍රීඩාවේ නිරතවීමට මාගේසිතේ

ඇගෙත් මගෙත් කතාව.....පලමු දිගහැරුම...

Image
BY SAM.... "මචෝ අදනං කෙල්ල එන පාටක් නෑ! ෂුවර් එකටම මේකි අද වෙන පාරකිං යන්න සෙට් වෙලා වගේ!" සුරා කියයි. සුරා ලෙස කෙටියෙන් හැඳින්වූවත් ඔහුගේ නියම නම සුරංගය. අපේ කණ්ඩායමේ සිටින කෙට්ටුම කොල්ලා ඔහුය. "ඇයි ඉතිං මේකා හැමදාම ගිලින්න වගේ ඒකි දිහා බලාගෙන ඉන්නවනෙ. ඒකි බයවෙන්න ඇති!" මම කීවෙමි. "නෑ බං. මටනං ෂුවර් ඒකි අදත් එනව කියලා. එදත් ලාවට ඇහැ දාල ගියෙ. යන්තමට හිනාත් උනා." කණ්ඩායමේ අනංගයා, මේනකය ඒ. අපේ ප්‍රධාන කණ්ඩායමේ සෑහෙන පිරිසක් සිටිය ද, මෙහි සිටියේ ජගත් සර්ගේ විද්‍යාව පංති යන අප තිදෙනාගේ කුඩා කණ්ඩායම පමණි. කට් කිරීම නිසා පංති කීපයකින්ම දොට්ට විසි වූ අප තිදෙන, මේනකගේ පියා වූ විජේපාල මහතාගේ ඉල්ලීම මත ජගත් සර් සිය පංතියට  එක් කර ගත්තේ නීති රීති දහසක් දැමීමෙන් පසුවය. ඉන් පළමු හා වැදගත්ම නීතිය වූයේ නිසි වේලාවට පන්තියට යාමයි. මේවන විටත් කොහෙවත් යන කෙල්ලෙකු නිසා අප විසින් එම නීතිය දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතිණි. කෙසේ නමුත් එය එතරම් ගනනකට ගතයුතු දෙයක් ලෙස අපට සිතුනේම නැත. "අන්න කෙල්ල එනවා!" සුරා පවසන්නට විය. අප තිදෙනාම කොක්කු ති

මගදී හමු වූ රූමතිය

Image
ඔහු බසයෙන් බසින විට රාත් ‍ රී දහයද පසුවී තිබුණි . වෙනදාට වඩා පැය කීපයක් ප් ‍ රමාධ වීමට සිදු වූයේ ප් ‍ රධානියා පැවරූ ඉතා වැදගත් රාජකාරියක් කෙසේ හෝ එදින තුල නිම කිරීමට ඔහුට සිදු වීමයි . අඳුරට අමතරව කඩා වැටුණු සිහින් වැහිපොදයෙන් ඔහුගේ ගමනට ඇතිවූයේ තවත් අවහිරයක්ම පමණි . එදින වැසි සහිත දිනයක් වූ නිසාමදෝ මාර්ගයේ වූයේ ඉතාම පාළු ස්වාභාවයකි . කෙටියෙන් කියතොත් ඔහුට අමතරව වෙනත් කිසිදු මිනිස් පරාණයක් ඒ අහල පහලක හෝ නොසිටියහ . තම ජන්ගම දුරකථනයේ මද ආලෝකයේ පිහිටෙන් , පොද වැස්සේ තෙමෙමින් ඔහු සෙමෙන් සෙමෙන් ළැඟා වූටේ පොල්ගස්වත්ත හන්ඳියටයි . තුංමං හන්දියක් වූ එහි ඔහු යා යුතු මග වැටී තිබුනේ දකුණු පසට වන්නටයි . කොන්ක් ‍ රීට් දැමූ මාර්ගයේ නිමාව පොල්ගස්වත්ත හන්දියයි . එතැනින් එහාට ඇති කොටසේ කැඩී බිඳී ගිය පාරේ තිබෙන වතුර වලවල් සිහිකරගත් ඔහු , මදකට නැවතුනේ කලිසමේ කකුල් කොටකරගන්නටයි . " අයියෙ ඔයා කොහාටද යන්නෙ ?" නැමී සිටි ඔහු ති