මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

ඇගෙත් මගෙත් කතාව! තෙවන දිගහැරුම....


මෙම කතාවේ පෙර කොටසට මෙතනින් පිවිසෙන්න.
ඇගේත් මගේත් කතාව
තෙවන දිගහැරුම





රචනය - සෑම්

ගිය පයින්ම මෙන් ආපසු එන මා දුටු අම්මා පුදුමයට පත්ව මා දෙස බැලුවාය. මේ මිහිමත සිටින මා ප්‍රියකරන හා මා අගය කරන එකම කාන්තා ප්‍රාණය වූයේ ඇයයි. වෙනත් කාන්තා ප්‍රාණයක් නිසා මා වෙත ළඟාව තිබූ අවාසනාව පවසා ඇගේ සිත රිදවීමට හෝ චංචල කිරීමට අට අවශ්‍ය වූයේ නැත. එනිසා අම්මාව මග හරිමින්, වෙනතක් බලාගෙන හොර බළලෙකු මෙන් මා නිවස තුලට පිවිසියෙමි. මාගේ සෑම පියවර්ක ඇගේ තියුණු දෙනෙතින් ඉතාම ළඟින් නිරික්ෂණය කරන බව මට ඉවෙන් මෙන් වැටහී ගියේය. එය ගණනකට නොගත් මා තරප්පු පෙලට පිවිසියේ මාගේ කාමරයට ඇතුළු වී සිද්ධ වී තිබූ විනාශය පිළිබඳව, මා හට ලඟා වූ අවාසනාව හා එයට වගකිවයුතු වූ අර අර කාලකණ්ණි කෙල්ල පිළිබඳව හා ඇයගෙන් පලිගන්නා ආකාරය පිළිබඳව හොඳින කල්පනාකර නිවැරදි සැලසුමක් පිලියෙල කිරීමටයි.

මටද නොදැනුවත්වම නිදි දෙව්දුව මා වෙතට පැමිණ තිබුණි. මා අවදි වූයේ අම්මා පැමිණ දිවා ආහාරයට මා කැඳවාගෙන යාමට අමතද්දීය. පහත මාලටය පැමිණි මා නිස්ශබ්ධවම කෑම කන්නට වීමි.

"මොක ද ළමයො අද වේලාසනින්ම ගෙදර ආවෙ?" මා කෑම කා නිමාවන විටම අම්මා මා විමසුවාය.

"නෑ මේ නිකං. පොඩි ඔළුවෙ කැක්කුමක් හැදුන ඒකයි." මම බොරුවක් ගොතා කීවෙමි.

"ඉස්කෝලෙන් කෝල් එකක් ආව. ඔය ලමය කව්ද ළමයෙකුට ගහල ඒ ළමයව හොස්පිටල් ඇඩ්මිට් කරලලු. හෙට මට හරි තාත්තට හරි එන්නෙ කියල කිව්වෙ." අම්මා කීවාය.

මම තව දුරටත් මුණිවත රැක්කෙමි.

අම්මා වෙනත් කිසිවක් නොකීවාය.

"එහෙනම් අරූට පාර නියමෙට වැදිල තියෙනව වගේ. ඕකව ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරල මදි. ආව මට උගන්නන්න." මම සිතුවෙමි. කෙසේ උවත් මේ අළුත් ආරංචිය නිසා මට වෙනත් කිසිවක් කිරීමට හෝ සිතීමට තරම් මනස එකලස් කර ගැනීමට නොහැකි විය. ආහාර ගැනීමෙන් පසු නැවතත කාමරයට වැදුණු මා ඇඳේ වැතිරී සිදුවූ සියල්ල ආවර්ජනය කරමින් මීළඟට කලයුත්ත පිළිබඳව සැලසුමක් පිලියෙල කිරීමට උත්සාහ කලෙමි. අවසානයේදී මා තීරණය කලේ මේ සියල්ලටම වැරදිකාරිය අර කාලකණ්ණි කෙල්ල බවයි. ඇගෙන් කෙසේ හෝ පලිගත යුතුය. මා අවසානයේ තීරණය කලෙමි. එම තීරණයෙන් පසු මගේ සිතට යම් සහනයක් ඇතිවිය. වේලාව සවස හයද පසුවී ඇත.

මම සැහැල්ලු සිතින් පහත මාලයට පිවිසියෙමි. මා එනතුරු අම්මාත් , අප්පච්චීත් පහත මාලයේ බලා සිටී. අප්පච්චීගේ මෝටර් රථය මට නොඇසී පැමිණ ඇත්තේ මා කල්පනා ලොවේ අන්තයෙහිම කිමිදී සිටිය නිසා විය යුතුය.

"ආ අප්පච්චී! දැන්ද ආවෙ? මට ඇහුනෙත් නෑනෙ අප්පච්චි එනව." මම සිනාසෙමින් කීවෙමි.

"නෑ! දැන් ටිකක් වෙලා පුතේ. ඔයාට නින්ද ගිහින් තියෙන්න ඇති. ඒකයි ඇහෙන්න නැත්තෙ." ඔහුද සිනාසෙමින් පිලිතුරු දුන්නේය. කෙනෙකුට ලැබිය හැකි හොඳම අප්පච්චී මගේ අප්පච්චී බව මට කිසිදු සැකයකින් තොරවම පැවසිය හැක. මගේ මිතුරු ලයිස්තුවේ සිටින හොඳම මිතුරා වූයේ ඔහුය.


Comments

Popular posts from this blog

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

මටම මෙහෙම උනානේ!!

අනේ අපොයි!!