මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

මගදී හමු වූ රූමතිය





ඔහු බසයෙන් බසින විට රාත්රී දහයද පසුවී තිබුණි. වෙනදාට වඩා පැය කීපයක් ප්රමාධ වීමට සිදු වූයේ ප්රධානියා පැවරූ ඉතා වැදගත් රාජකාරියක් කෙසේ හෝ එදින තුල නිම කිරීමට ඔහුට සිදු වීමයි.

අඳුරට අමතරව කඩා වැටුණු සිහින් වැහිපොදයෙන් ඔහුගේ ගමනට ඇතිවූයේ තවත් අවහිරයක්ම පමණි.

එදින වැසි සහිත දිනයක් වූ නිසාමදෝ මාර්ගයේ වූයේ ඉතාම පාළු ස්වාභාවයකි. කෙටියෙන් කියතොත් ඔහුට අමතරව වෙනත් කිසිදු මිනිස් පරාණයක් අහල පහලක හෝ නොසිටියහ.

තම ජන්ගම දුරකථනයේ මද ආලෝකයේ පිහිටෙන්, පොද වැස්සේ තෙමෙමින් ඔහු සෙමෙන් සෙමෙන් ළැඟා වූටේ පොල්ගස්වත්ත හන්ඳියටයි. තුංමං හන්දියක් වූ එහි ඔහු යා යුතු මග වැටී තිබුනේ දකුණු පසට වන්නටයි.

කොන්ක්රීට් දැමූ මාර්ගයේ නිමාව පොල්ගස්වත්ත හන්දියයි. එතැනින් එහාට ඇති කොටසේ කැඩී බිඳී ගිය පාරේ තිබෙන වතුර වලවල් සිහිකරගත් ඔහු, මදකට නැවතුනේ කලිසමේ කකුල් කොටකරගන්නටයි.


"අයියෙ ඔයා කොහාටද යන්නෙ?"

නැමී සිටි ඔහු තිගැස්සී එක්වරම කෙලින් විය. පසෙකින් සිටගෙන ඔහුදෙස බලා උන් සුකුමාර තරුණිය දුටු ඔහුඒ හිතට එක්වරම ඇතුළු වූයේ ල්ජ්ජාවකි. ඔහු ඇගේ කටහඩට බියවූ වා දුටුවාදෝයි ඔහු සිතතුල හටගත් සැකය  නිසාය.

එම තරුණිය මීටපෙර දැකතිබේදැයි කියා ඔහුට කිසිම නිච්චියක් නොවීය. නමුත් මෑත කාලයේදී අළුත් අළුත් පවුල් කිහිපයක්ම තම ගමට පඳිංචියට පැමිණ තිබීම නිසා එය පුදුමයට කාරණාවක් වූයේ නැත.

කෙලින් සිටගත් ඔහු ප්රථම වරට ඇගේ මුහුණ වඩාත් හොඳින් වඩාත් සමීපයෙන් දුටුවේය. එහි වූයේ සිතාගත නොහැකි තරම් අසාමාන් රූමත් බවකි. ඇගේ සිනහව නිසා එම රූමත්බව තවදුරටත් කැපී පෙනෙන බව ඔහුට සිතුණි. ඇය ඇඳ සිටියේ තරමක් පැරණි මෝස්තරයක ඇඳුමක් උවත් ඇගේ උවනට සරිලන මනා හැඩැති සිරුර සම්පූර්ණයෙන්ම සඟවාලීමට එම ඇඳුම කිසිසේත්ම සමත් නොවීය. දුටුවන් වසඟ කරවනසුළු ස්ත්රී ලාලිත්යයෙන් අනූන වූ ඇගේ අඟ පසඟ එම ඇඳුම හරහාත් මනාම කැපී පෙණුනි.

ඇගේ කඩා හැලෙන රූමත් බවින් වසඟ වූ ඔහු ගොළුවකු මෙන් ඇය දෙසම බලා සිටියේ කතා කිරීමටද අමතකවය.

"අයිය බය උනා ? බය කරානම් සමා වෙන්න. මමත් බයේ ගැහි ගැහී පාරෙ තනියෙන් එනකොට අයිය ඔතන ඉන්නව දැකල දුවගෙන ඇවිත් කතා කලා. ෆෝන් එකෙත් බැට්රි ලෝ. රබර් වත්ත මැදින් තනියෙන් යන්න ගියානම් මට බයටම චූ යයි. ඔයාව හම්බ උනේ හොඳ වෙලාවට. අයියත් යන්නෙ පාරෙන් නේ ? මම දැකල තියෙනවා අයිය වෙනදත් ඔය පාරෙන් යනවා. මොකද මන්ද අද තාත්තත් ඇවිත් නෑ. ගෙදර ෆෝන් එකත් ඕෆ් වෙලා. ......"

ඇයගේ කටහඬ ඉතාම මිහිරි විය. එයට සවන් දීම රසවත් ගීතයක් මෙන් ඔහුගේ සිත කුල්මත් කලේය. කෙසේ වෙතත් ඇයට බියවූ වගක් පෙන්වීමට ඔහුට අවශ් නොවීය. ඔහුට මොහොතේ අව්ශ් වූයේ වෙන කිසිවක් නොව ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඔහු සූදානම් බව ඇයට පෙන්වීමට පමණි.

"නෑ!! නෑ!! බයවුනේ නෑ. මාව බය කරන්න ඔයාට නෙමෙයි මහසෝනටවත් බෑ. මේ පාරෙ මම හැමදාම යන්නෙ එන්නෙ තනියම. සමහරදාට කරුවලේ රෑ දොලහටත් යනවා. බයවුනා නෙමෙයි! මට හිතාගන්න බැරි උනා. ඔයාවගේ ලස්සන ගෑණු ලමයෙක් මේ කරුවලේ එයි කියල කවුද හිතන්නෙ!!. හොඳ වෙලාවට ඔයාට මාව හම්බ උනේ! මම ඔයාව ගෙදරටම ඇරලවන්නම්. කිසිදේකට බයවෙන්න එපා! දැං ඉතිං මම ඉන්නවනෙ. හරි ?"

"අනේ! ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ! "

ඇගේ ස්තුතියෙන් ප්රීතියෙන් කුල්මත් වූ ඔහු මඟට පිලිපන්නේ සිය ජංගම දුරකථනයෙන් නිකුත් වූ සුළු ආලෝකයේ පිහිටෙනි. වර්ශාව ක්රමයෙන් වර්ධනය වෙමින් පැවතුණි.

"අය්යේ! ඔහොම පොඩ්ඩක් ඉන්නකො. ඔයත් මේ කුඩේ යටට එන්න. වැස්ස ටික ටික තද කරනව වගේ නේ! ඔයාව  හොඳටම තෙමෙයි. තෙමිල ලෙඩ උනොත් හෙම. "

ඇගේ ඉල්ලීමට පිටුපෑමට ඔහුට කිසිඳු උවමනාවක් නොවීය. මදක් නැවතුණු ඔහු ඇගේ කුඩය තුලටම ගොනුවූයේ ක්රමයෙන් වැඩිවන වර්ශාවට යටි සිතින් පිං දෙමිනි. ඇගේ සියුමැලි සිරුරේ පහස ඔහුට වරින් වර දැනී ගියේ . හාත්පස වූයේ කෑලි කැපිය හැකි ඝන අඳුරකි. වර්ශාව සට සට ගාමින් ඇද වැටුණු අතර ඔවුන් සතු වූ දුබල ආලෝකයෙන් ඉදිරියේ ඇති මාර්ගය මීටරයක්වත් නොපෙනී යන තරමටම අඳුර ඔවුන්ව වෙලා ගනිමින් පැවතුණි. එක්වරම අඳුර මකාලමින්, හාත්පසම ඒකාලෝක කරමින් ඔවුන් ඉදිරියෙන් හෙණ හඬක් නගමින් අකුණක් පිපීරී ගියේය. එයින් තිගැස්සී ගිය තරුණිය ඔහුට වඩාත් සමීපව ඔහුගේ අත තරයේ අල්ලා ගත්තාය.

ඔහුට දැනුණේ අමුතුම සුවයකි. පුදුමයකට මෙන් එම සුදු-මුදු අත ඔහුට ලබා දුන්නේ උණුසුමක් නොව අමුතුම ශීතලකි. නමුත් එය ඔහුතුල ඇතිකල හැඟීම ආශ්වාදයක්ම විය. ඔහු තවදුරටත් ඇය සමීපයට ලඟා වෙමින් ඇගේ එකම ආරක්ෂකයා ඔහු බවට ඇයට ඒත්තු ගන්වන්නට උත්සාහ කලේය. මාවතේ වූ දැඩි අන්ධකාරයත්, වල ගොඩැලි සහිත රළු භාවයත්, අධිකතර පාළු ස්වභාවයත්, කාළගුණය ගෙනදුන් දැඩි පීඩාවත් තවදුරටත් ඔහුට බල නොපැවෙත්වෙන බවක් පෙනී ගියේය.

ගමන එන්න එන්නම දුෂ්කර වෙමින් පැවතුණි. මහ මුහුදේ කුණාටුවකට අසුවූ දුබල නෞකාවක් මෙන් ඔවුන් දෙදෙනාද එහෙ මෙහේ විසිවෙමින් ඉතාම සෙමින් මාර්ගය වෙලාගෙන තිබූ දැඩි අඳුර තුලට ගමන් කරමින් සිටියහ. දෙදෙනාගේ දෑතේ බැඳිම තවදුරටත් නොබිඳී පැවතුණි. තරුණියට තවදුරටත් සමීප වූ තරුණයා එම බැම්ම කඩා දැම්මේ එකෙනෙහිම නිදහස් වූ තම අත තරුණියගේ බඳවටා වෙලීමට සලස්වා ඇය තමා වෙතට තවදුරටත් සමීපකර ගත්තේය. එකෙනෙහිම ඔහුඇගේ මුහුණ දෙස බැල්මක් හෙලූයේ තමා කල ක්රියාවකෙරේ තරුණියගේ ප්රතිචාරය කුමක්දැයි දැනගන්නා අටියෙනි.

ඇය කිසිවක් සිදු නොවූවාක් මෙන් ඔහුට පියකරු සිනාවකින් සංග්රහ කලාය. එම සිනහව මෙන්ම ඇගේ සිනිඳු බඳෙන් ඔහුගේ අතට දැනුනු සුවදායී පහස ඔහුගේ සිත ප්රීතියෙන් පුරවා ලීමටත්, ගතට අමුතුම වින්දනයක් ගෙනවිත් දීමටත් සමත් විය. මේවන විට ඔවුන් රබර් වත්තේ සීමාව පසුකොට එලිමහන් පෙදෙසකට පැමිණ සිටි අතර, මෙතෙක් වේලා ගස් අතරින් ගලා වැහි බිංදු, කෙලින්ම ඔවුන්කරා පැමිණියේ හී සර මෙන් තියුණු පහරවල් ඔවුන්ගේ නිරාවරණය වී තිබූ සිරුරේ කොටස් වලට එල්ල කරමිනි. එම දරුණු ප්රහාරයට එරෙහිව ඔවුන්ට තිබූ එකම පලිහ වූ කුඩය ඔවුන් දෙදෙනාම තබා එක් අයෙකුවත් ආරක්ෂාකිරීමට අසමත් බවක් පෙන්නුම් කරමින් තිබුණි. වැස්ස කෙතරම් දරුණු වීද යත්, හරහා ඔවුන්ට කිසිත් නොපෙණෙන තරමටම සියල්ල අඳුරු වී හා බොඳ වී තිබුණි.

ඈතින් සියුම් ඡායාවක් මෙන් දිස්වූ පාළුවට ගිය කුඩා මඩුවක් මුලින්ම දර්ශණය කරගත්තේ ඇයයි.
"අයියෙ! අපි පොඩ්ඩක් නැවතිලා යමු ?"
ඇය ඇසුවේ තව දුරටත් ඔහුට තුරුළු වෙමිණි. ඔහු පිළිතුරක් නොදුන් අතර ඇයද පිළිතුරක් බලාපොරොත්තු වූයේ නැත.

මඩුව දෙසට යොමුව තිබූ කුඩා අඩිපාර දිගේ ජංගම දුරකථනයෙන් විහිදුණි ඉතා දුබල ආලෝකය ඔස්සේ ඔවුහු දෙසට පා නඟන්නට වූහ. වරින් වර අහස සිසාරා ගිය අකුණු පහරවල් ඔවුහු තවමත් නිවැරදි මග ඔස්සේම ගමන් කරමින් සිටින බව හෙලි කර සිටියේ .

මඩුවට ගොඩවන විට දෙදෙනාම සිටියේ වැසිදියෙන් නැහැවී, තෙතබරියන්වය. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම දිය බිංදු වෑස්සෙමින් පැවතුණි. ඔහු දෙස බැළුවේය. වැහි වතුරින් නැහැවී ඇඟටම ඇලී තිබූ ඇගේ ගවුම් තුළින් ඇගේ සිරුරේ නාරි ලාලිත්යයන් වඩාත් හොඳින් ඔප් නැංවී පෙණුණි.ඔහුට ඇය පෙනුනේ දෙවි ලොවින් මනු ලොවට දෙවඟනක් මෙන් රූමත්වය. තව දුරටත් හැඟීම් පාලනය කර ගැනීමට අසමත් වූ ඔහු, ඇය ඔහු වෙතට හරවාගෙන ඇගේ මල් පෙත්තක් වන් වූ සියුමැලි මුව සිප ගත්තේය. එක වරක් නොව කිහිපවරක්ම ඇගේ මුව සිපගත් ඔහු දෙස බැලූයේ ඇගේ ප්රතික්රියාව කුමක්දැයි බැලීමටය. ඇය සිටියේ සිනා සෙමිනි. සිනාවේ අලංකාරයක් මෙන්ම අමුතු අත්භූතබවක් ගැබ්ව තිබුනත් ඔහු සිටියේ එයින් මෙල්ල නොවන තරම් හැඟීම්වලින් මුසපත්වය.

කාලය ගතවෙමින් පැවතුණි. හාත්පස සිසාරා අකුණු පුපුරද්දී දෙදෙනාගේ සළු-පිළි එකිනෙක ගිලිහී යමින් පැවතුණි. ඇගේ නිරුවත් සිරුර පලමුවරට අකුණු එලියෙන් දකිද්දී, ඔහු සිතුවේ ඔහු ලෝකයේ වඩාත්ම වාසනාවන්ත පුද්ගලයා කියාය. එය එතරම්ම අලංකාර විය. ඇගේ සිරුරේ සියලු අංගයන් නිසි ප්රමාණවලින්, නිසි ස්ථාන වලම පිහිටා තිබූ අතර නාරි සිරුර මිනිස් සිරුර ඉක්මවායන්නක් බව තෙරුම් ගැනීමට ඔහුගේ රාග ගින්නෙන් වෙලී ගිය මිනිස් සිත අසමත් විය.

කුඩා මඩුව තුල සිදුවූ මීළඟ ජවනිකා කිසිවෙකු හෝ බලා සිටියානම්, ඔහුගේ නිරුවත් සිරුරට වෙලී සිටි අසාමාන් සත්වයා අකුණු එළියටවත් බිත්තිය මත සෙවනැල්ලක් නොසෑදූ බව තැනැත්තාට පෙනී යනු ඇත. එමෙන්ම සත්වයා ඔහුගේ මුවට මුව තබා උරා බොන්නේ දෙතොල පමණක් නොවන බවද වටහාගනු ඇත. එම චුම්බනය අවසන් වද්දී ඔහුගේ ප්රාණය ඇය තුලට ඇදී ගිය වගත්, ඇය තව තවත් රූමත් හා සුකුමාර  වූ වගත් වටහා ගනු ඇත.

Comments

Popular posts from this blog

අනේ අපොයි!!

මටම මෙහෙම උනානේ!!

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම