මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

මේ ගැනත් හිතන්න




මේ පිංතූරෙ ඉන්නෙ ක්‍රිස් වොට්ස්, ඔහුගේ බිරිඳ ෂැනොන් වොට්ස් හා ඔවුන්ගේ දරු දෙදෙනා වන බෙල්ලා හා සෙලෙස්ටා. බැලූ බැල්මටම ඔවුන් බොහොම සතුටින් ඉන්න පවුලක් වගේනේ ද පෙනෙන්නෙ.

නමුත් ඇත්ත ඊට වඩා ගොඩාක් තිත්තයි. පසුගිය අගෝස්තුවෙදී ක්‍රිස් එයාගෙ බිරිඳයි දරු දෙදෙනාවයි අමානුෂික විදියට මරා දැම්මා.

ක්‍රිස්ට තිබිලා තියෙනවා අනියම් සම්බන්ධතාවයක්. ඔහුම පොලීසියට කියලා තියෙන විදියට ෂැනොන් අතුරුදහන් වෙන්න කලින් දවසෙදී ඔහු ෂැනොන්ගෙන් දික්කසාදය ඉල්ලලා තියනවා.

ඊට පස්සෙ මේ අපූරු පෙනුමට ඉන්න තාත්තා එයාගේ බිරිඳවයි දරුවන්වයි හුස්ම හිර කරලා මරලා. මේ නරුම තාත්තා එතනින් නැවතිලා නෑ. දරුවන්ගෙ මළ සිරුරු තෙල් ටැංකියකට දමාපු මෙයා බිරිඳවත් වළලලා.  මේ විදියට වැළලෙද්දී මේ අහිංසක කාන්තාව සති 15ක ගැබිණියක්වෙලා හිටයා කියලත් මේ වෙද්දී හෙලිවෙලා තියෙනවා.

අනේ ඉතිං මේ නරුමයාට පුළුවං වෙලා තියෙනවානෙ එයාගෙ නියම ස්වරූපය නොපෙන්නා මේ අහිංසකයන්ගෙ විස්වාශය දිනාගෙන අවුරුදු ගණනාවක්ම ඔවුන්ගෙ ආදරය විඳිමින් ඉන්න. මිනිස්සු තමන්ගෙ නියම ස්වරූපය පෙන්වන්නෙ නැතුව බැටළු හම් පොරවාගෙන, අහිංසක මූණක් ලෝකෙට පෙන්වන්න හරිම දක්ෂයි.

සමහරවිට අපි ගොඩාක් විස්වාශ කරගෙන, පණදීගෙන ඉන්න කෙනෙකුත් අපිට මෙහෙම කරන්න යම්කිසි දවසක ඉඩ තියෙනවා. කවුද දන්නෙ එයාලත් බැටළු හම පොරවා ගත්තු වෘකයොද කියලා. එයාලත් අපේ විස්වාශය අයුතු විදියට පාවිච්චි කරලා කවදහරි දවසක අපේ හිත කඩලා සමහරවිට එතනිනුත් නතර නොවී, අපිව විනාශ කරලා දාන්නත් බැරි නෑ. හා නැද්ද හා.මේ නපුරු රාක්ෂාට මෙච්චර කාලයක් උගේ මූණ හංගගෙන ඉන්න පුළුවන් උනානම් ඕනෙම කෙනෙකුට එහෙම කරන්න  බැරිකමක් නෑ නේ ද?

Comments

Popular posts from this blog

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

මටම මෙහෙම උනානේ!!

අනේ අපොයි!!