මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී!! ක

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම




ඇගෙත් මගෙත් කතාව.....පලමු දිගහැරුම... මෙතෙක් කියවා නැතිනම් මෙතැනින් කියවන්න

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

රචනය - සෑම්

පසුවදා මා පාසලට ඇතුළුවන විටම මාගේ අතිජාත මිත්‍රයන් දෙදෙනා මා හමුවේ පෙනී සිටියහ.

"ගුඩ් මෝර්නිං මචං" සුරා පැවසුවේ කටපුරා ඉතිරෙන සිනාවක්ද සමඟිනි. මේනකයා ද එලෙසම ප්‍රතිචාර දක්වමින් මා පිලිගත්තේ ය.

"අපි අරක කාටවත් කිව්වෙ නෑ. " දෙදෙනාම එකවර පවසා සිටියේ මා කිසිවක් පවසන්නට පෙරමය.

මා තවදුරටත් කේන්තියෙන් පසු වූවත් මාගේ අතිජාත මිත්‍රයන් දෙදනාට කිසිවක් නොපවසාම පන්තියට ගොඩවීමි. රැගෙන ආ පොත්ටික මේසය උඩින් තැබූ මා පන්තියෙන් එලියට පිවිසියෙමි. මිත්‍රයෝ දෙදෙනාද නැට්ට මෙන් මා පසුපසමය. තරමක් ප්‍රමාධ වී පාසලට පැමිණි හෙයින් මාගේ අනිකුත් සඟයන් මේ වනවිටත් පිට්ටනියට ගොස් සිටියහ. වර්ශාව නොමැතිනම්, සෑම දිනකම පාහේ අප දවස ඇරඹුවේ පිට්ටනියෙනි. ඒ දිනවල අපේ ජනප්‍රියම ක්‍රීඩාව වී තිබුනේ ෆුට්බෝල් ගැසීමයි. එයට සුදුසු ෆුට්බෝලයක් අප සතුව නොමැති වූවත් ඒ අඩුව ටෙනිස් බෝලයකින් සපුරා ගන්නට අප පුරුදුව සිටියෙමු. කෙසේනමුත් එදින නම් ෆුට්බෝල් ක්‍රීඩාවේ නිරතවීමට මාගේසිතේ කිසිදු කැමැත්තක් තිබුනේ නැත. එනිසා මා අරමුණකින් තොරව පන්තියෙන් එලියට පිවිස අරමුණකින් තොරවම ඇවිදින්නට වීමි.

"සඳරු අයියෙ පොඩ්ඩක් ඔහොම ඉන්නව ද?" දැඩි ලෙස කල්පනා ලොවට පිවිස සිටි මා ඒ හඬින් එක්වරම තිගැස්සී ගියෙමි. ඒ අමතන්නේ මටය. එනිසා මා ඒ හඬ පැමිණිදෙසට හිස හරවා බැලූයෙමි.

අපට පහල පංතියේ කොලුවෙක් උවමනාවෙන් මා දෙස බලා සිටී. ඔහුගේ මූණේවූයේ එක්තරා ආකාරයක තැතිගත් ස්වරූපයකි.

කිසිවක් නොපැවසූ මා කුතුහලයෙන් හා නොරිස්සුමින් ඔහු දෙස බලා සිටියෙමි.

මද වේලාවක් ඔහුද මාදෙසම බලාසිටියේ ඔහු පවසන්නට පැමිණිදේ පැවසීමට සුදුසුම වචන ගලපා ගැනීමට විය යුතුය.

"චංචලා මගේ ගර්ල්!" අවසානයේ ඔහු පැවසුවේ ඇසෙන නෑසෙන තරම් පහත් හඬිනි.

"ඉතිං! මට මොකද්ද කරන්න කියන්නේ?" මම උස් හඬින් විමසා සිටියෙමි. 

"අයිය එයාට හරියට කරදර කරනවලු නේද? එහෙම කරන්න එපා අයියෙ! පවුනෙ!" ඔහු තවමත් වචන ගලපන්නේ අසීරුවෙනි. පිටකරන්නේ ඇසෙන නෑසෙන තරම් සෙමිනි. ඔහු කියනා මේ කෙල්ල කුමන චංචලාවක්දැයි මටනම් නිච්චි නැත. "ඊයේ එකියක්! අද තව එකියක්. මුං මා පස්සේම පන්නන්නේ කුමන කරුමයක් පඩිසන්දීගෙන එන නිසාදැයි මටනම් සිතාගත්වත් නොහැක.

මගේ නැට්ට, මගේ අතිජාත සුමිතුරෝ දෙදනාදෙස මා බැලූයේ යම් පිහිටක් අපේක්ෂාවෙනි. දෙදෙනාම එකවර දෙවුර ගැස්සුවේ ඔවුන්ටද මේ කොල්ලාගේ චෝදනාව පිළිබඳ කිසිදු අදහසක් නොමැතිබව මට අඟවමිනි.

"මොන චංචලාවක් ගැනද යකෝ උඹ ඔය කියවන්නේ?" මම වඩාත් උස් හඬින් විමසුවෙමි. තවත් අඩියක් පසුපසට ගත් ඔහු බයාදුලෙස මා දෙස බලාසිටී. ඔහුට මා හා ගැටෙන්නට කිසිදු අවශ්‍යයතාවක් නැති හැඩය. ඔහු පමණක් නොව මාහට නොබියව අභියෝගකල හැකි කිසිවෙකුත් මේ වනතෙක්නම් මේ පාසලෙන්නම් බිහිවී නොතිබුණි. පාසල් කණිෂ්ඨ කරාටේ සංගමයේ සභාපතිවරයා ලෙස මා පත්වූයේ නිකම්ම නොවේ. කරාටේ ක්‍රීඩාවට යොමුවීමට පෙරද පාසලේසිටි චංඩීන් කිහිපදෙනෙකු මා අතිං සල්ලන් වූයේ මාගේ හැඩිදැඩි සිරුරටත්, ශක්තිමත් පොල් අඩි පහරවලටත් පිංසිදු වන්නටය. කොහොමත් අසාධාරණය මට අල්ලන්නේම නැත. එවැනි විටකදී මාගේ ප්‍රථියෝජකයාගේ වයස හෝ තරාතිරම මට අදාලම නොවීය. එසේම පාසලේ ක්‍රීඩා අංශයේ අපගේ වයස් ඛාණ්ඩයේ අති ජනප්‍රියම තරුවක් වූයේ ද මාය. එවැනි දුක් මහන්සියෙන් උපයාගත් නම්බුනාම කෙල්ලෙක් හෝ කෙල්ලන් වෙනුවෙන් පරිත්යාග කරන්නට කිසිදු අවශ්‍යතාවක් මට නොවීය. 

"අයියට ඊයෙ බැන්නෙ. එයා තමා චංචලා!"

කොල්ලා සිදුකල දැවැන්තම වැරැද්ද ඒ මූසල කෙල්ල මාගේ මතකයට නැවත රැගෙන ඒමයි. ක්‍රමයෙන් ඉහලට එමින් සිටි මගේ යකා එක් වරම ඉහ මුදුනටම නැංගේ මටත් නොදැනීමය. තප්පරයකින් දහයෙන් පංගුවක් තරම් කෙටි කාලයකින් මා සිටියේ ඔහුගේ සිරුරට අත පෙවිය හැකි තරම් වූ අනතුරදායක දුරකිනි. මාගේ අතිජාතයන් දෙදෙනා සිදුවීමට යන අනතුර ගැන ක්ෂණිකව අවබොධකරගෙන ක්ෂණිකව මා කරා පැමිණියත්, ඔවුන්ගේ වේගය අර කොළුවා ඔහු මුහුණ දීමට යන අනතුරින් ගලවා ගැනීමට එය කිසිසේත් ප්‍රමාණවත් වූයේනම් නැත. මුළු සිරුරේම ශක්තිය මගේ මිටිකල වමතට එකාග්‍රකර ගණිමින් මා එල්ලකල පහර "තග්" යන හඬ නඟමින් කොල්ලාගේ මූණ හරහාම පතිතවිය. ඒ සැණින්ම ඔහුගේ නාසය බිඳී ගියබව මගේ අතට දැනී ගියේය. නාසයෙන් ලේ විදිද්දී, ඔහු බිමට පතිත වූයේ කපා හෙළු කෙසෙල් කඳක් මෙනි. ඒ නිකම්ම නොව සිහි විශඤ්ඤවය.

තවදුරටත් නොසිඳුණු කෝපයෙන් වේගයෙන් පංති කාමරයට පිවිසි මා, පොත් මිටිය අතටගෙන තව මොහොතක්වත් නොරැඳී පාසලෙන් පිට වූයේ අර කොල්ලා දෙස හෝ ඔහු වටා මේවනවිට පොදි ගැසෙමින් තිබූ ප්‍රේක්ෂක ජනයා දෙස හෝ කිසිදු අවදානයක් යොමු නොකරමිණි.


Comments

Popular posts from this blog

මටම මෙහෙම උනානේ!!

අනේ අපොයි!!